කොරෝනා චීනයෙන් පිටත දෙවන මරණයත් වාර්තා වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
04

කොරෝනා චීනයෙන් පිටත දෙවන මරණයත් වාර්තා වේ

කොරෝනා චීනයෙන් පිටත දෙවන  මරණයත් වාර්තා වේ

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් චීනයෙන් පිටත සිදුවූ දෙවන පුද්ගල මරණයත් අද වාර්තා වුණා. ඒ, හොංකොං රාජ්‍යයෙන්. මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙක්. 

 


ඔහු චීනයේ වුහාන් නගරයේ සංචාරය කොට පැමිණ සිටි පුද්ගලයෙකු බවයි විදෙස් වාර්තා පැවසුවේ. මීට පෙරද චීනයෙන් බාහිරව පුද්ගල මරණයක් වාර්තා වූ අතර එලෙස මියගියේ පිලිපීනයේ සිටි චීන ජාතිකයෙක්.

 


ඒ අනුව නව කොරෝනා වෛසරය ආසාධනය වීමෙන් මේවනවිට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 427 ක්. ඉන් මරණ 425 ක්ම වාර්තා වන්නේ චීනයෙන්. 

 


වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 20,438 ක් චීනයෙන් පමණක්  හඳුනාගෙන තිබෙනවා. ලොව පුරා වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,629 ක්.

 


මේ අතර දිනෙන් දින වාර්තා වන පුද්ගල මරණ හා හඳුනාගන්නා කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම හමුවේ වුහාන් නගරය තුළ තවත් රෝහල් 03 ක් ඉදිකිරීමටයි චීන බලධාරීන් තීරණය කර ඇත්තේ. 

 


මේවනවිටත් හුබේ ප‍්‍රදේශය තුළ නව රෝහල් 02 ක් විවෘත කර තිබෙනවා.

 

views

688 Views

Comments

arrow-up