නිදහස් දිනය යාපනය සරසවියට ශෝක දිනයක්

යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය හැත්තෑ දෙවන ජාතික නිදහස් දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ.
යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න කිසිවක් මේ රට තුළ විසඳී නොමැති නිසා දෙමළ ජනතාවට නිදහස් දිනය සැමරීමට හැකියාවක් නොමැති බවය.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට මුහුණ දීමට ඇති ප්‍රධාන ගැටළු කිසිවකට ගතවූ කාලය තුළදී විසදුම් ලැබී නොමැති බව පවසන විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය අවම තරමින් වත්මන් රජය ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට හෝ අවස්ථාවක් සලසා නොමැති පරිසරයක දෙමළ ජනතාවගේ නිදහස පිෙළිබඳව ඇත්තේ ශෝකී තත්වයක් බවද පෙන්වා දී තිබේ.
655 Views
Comments