ප්‍රධානම අභියෝගය ක්‍රීඩාවේ වැරදුන තැන් සොයා ගැනීමයි - නාමල් රාජපක්ෂ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
24

ප්‍රධානම අභියෝගය ක්‍රීඩාවේ වැරදුන තැන් සොයා ගැනීමයි - නාමල් රාජපක්ෂ

ප්‍රධානම අභියෝගය ක්‍රීඩාවේ වැරදුන තැන් සොයා ගැනීමයි - නාමල් රාජපක්ෂ

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන්ට ඇති ප්‍රධානම අභියෝගය ක්‍රීඩකයන් හා ක්‍රීඩා සංගම් සමඟ එක්ව වැරදුන තැන් සොයා ගැනීම බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එම වැරදුන තැන් සොයා ගැනීමෙන් පසු ක්‍රීඩාව දියුණු කළ හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

''වොලිබෝල්වලට තරම් ලංකාවේ තරඟාවලි වෙනත් ක්‍රීඩාවලට නැහැ. හැබැයි ලෝක ශ්‍රේණිගත කිරීම්වල අපි ඉන්නේ ඉතාම පහළ තත්ත්වයක. ක්‍රීඩකයෝ නැතිකමවත් තරඟ නැතිකමවත් පහසුකම් නැතිකමවත් නෙවෙයි. ශ්‍රී ලංකාවේ වොලිබෝල් කණ්ඩායම් 8000ක් කියන්නේ එසේ මෙසේ සංඛ්‍යාවක් නෙවෙයි. ලෝකයේ වැඩිම පළමු පෙළ ක්‍රිකට් ටීම් තියෙන්නේ ලංකාවේ නමුත් ක්‍රීඩාවේ තත්ත්වය හිතාගන්න පුළුවන්.''

විශේෂයෙන්ම කෙතරම් දක්ෂ ක්‍රීඩකයෙක් වුණත්,පාරිපාලකයෙක් වුණත් විනිසුරුවරයෙක් වුණත් තමන්ගේ විනය ආරක්ෂා කරගත නොගන්නේ නම් දැඩි තීන්දුවලට යාමට සිදුවන බවද නාමල් රාජපක්ෂ මහතා කියා සිටියි.

එම නිසා ක්‍රීඩා සංගම්වලට විනය ආරක්ෂා කරගෙන කටයුතු කරන ලෙස පැහැදිලිව ක්‍රියා ඇති බවද හෙතෙම පවසයි. එවිට ඇමතිවරයා ලෙස තමන්ට එවැනි කාරණාවලදී මැදිහත්වීමට අවශ්‍ය නොවන බව බවයි ඔහු පෙන්වාදෙන්නේ.

නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළකළේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

views

674 Views

Comments

arrow-up