JAN
29
වෛරස් උණක් නිසා ගිරිබාව පැරකුම්පුර ජාතික පාසල වසා දමයි

මහව, ගිරිබාව අධ්‍යාපන කොට්ඨාශයට අයත් යාය 3, පැරකුම්පුර ජාතික පාසල අද (29) සිට තාවකාලිකව වසා දැමුණා.
ඒ වෛරස් උණක් පැතිර යාම හේතුවෙන්. මේ වන විට එම පාසලේ විදුහල්පතිවරයා සහ ළමයින් 80කට වැඩි පිරිසක් මෙම උණ රෝගයෙන් පෙළෙන බව ද වාර්තා වේ.
පාසල නැවත විවෘත කරන දිනයක් මෙතෙක් දැනුම් දී නැහැ. යාය 3, පැරකුම්පුර ජාතික පාසලේ ඉගෙනුම ලබන මුළු සිසුන් ගණන 900 කට ආසන්නයි.
719 Views
Comments