කොරෝනා වැසිකිළි මගින් බෝවන තත්ත්වයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
18

කොරෝනා වැසිකිළි මගින් බෝවන තත්ත්වයක්

කොරෝනා වැසිකිළි මගින් බෝවන තත්ත්වයක්

නව කොරෝනා වෛරසය වැසිකිලි හරහාද සම්ප්‍රේෂණය වීමේ අවධානමක් ඇති බව පර්යේෂකයින් අනතුරු අඟවා සිටිනවා.

 

මිනිස් ආහාර ජීර්ණ පද්ධතිය තුළද කොරෝනා වෛරසය නොනැසී පවතින බවත් එය මිනිස් මළ සහ මුත්‍රා වලින් පිටවන බවත් එය වැසිකිළි තුල පවතින බවට චීනයේ Yangzhou සරසවියේ පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකළ අධ්‍යයනයකදී හෙළිව තිබෙනවා.

 

මේ හේතුවෙන් වැසිකිළි ගොස් එය පිරිසිදු කිරිමට ජලය මුදා හරින විට (Flush) වැසිකිලි පියන වසා තැබීම සුදුසු බවයි එම පර්යේෂකයින් සඳහන් කරන්නේ.

 

වැසිකිළියට ජලය මුදා හැරිමේදී නිකුත්වන ජල බිඳිති හරහා කොරෝනා වෛරසය පහසුවෙන් මිනිස් සිරුරට ඇතුල්වීමේ හැකියාවක් ඇති බවයි චීන පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

 

පියවි ඇසට නොපෙනන එම ජල බිඳීති වාතයේ රැඳී තිබෙන අතර එමගින් නිරෝගී පුද්ගලයෙකුට වුවද වෛරසය වැළදීමේ හැකියාව ඉහළ බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

කාර්යාලය තුළ මෙන්ම පොදු වැසිකිලි භාවිතයේදී මේ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කිරිම වැදගත් බවයි චීන පර්යේෂකයින් විසින් වැඩිදුරටත් සිය අධ්‍යයනයේදී හෙළිකොට ඇත.

 

 

 

views

1015 Views

Comments

arrow-up