කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නතක් ඇමෙරිකාව අත්හදා බලයි

නව කොරෝනා වෛරසය සඳහා ඇමෙරිකාව විසින් නිපදවනු ලැබූ එන්නතක් පළමු වරට මානව අත්හදා බැලීමක් සඳහා අද දිනයේදී පුද්ගලයෙකුට එන්නත් කළ බව ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව ඉදිරි සති හයක කාලය තුලදී තවත් පුද්ගලයින් 45 දෙනෙක් යොදා ගනිමින් මෙම ප්‍රති ජීවක ඖෂධයේ මානව අත්හදා බැලීම සිදු කෙරෙන බවයි එම බලධාරීන් සඳහන් කරන්නේ.
මෙය පළමු වටයේ අත්හදා බැලිමක් වන අතර කොරෝනා වෛරසයට මෙම එන්නත භාවිත කිරිම සඳහා සුදුසුද යන්න හා මිනිස් ශරිරයට එය ගැලපෙන්නේද යන්න සම්බන්ධයෙන් මෙහිදී අධ්‍යයනය කරනු ඇති.
කෙසේ වුවත් මෙම එන්නත කොරෝනා වෛරසයට එරෙහිව යොදා ගත හැකිද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා තව තවත් පරීක්ෂණ සිදුකළ යුතු බවත් ඊට මාස කිහිපයක් ගත වෙනු ඇති බවයි වෛද්‍ය විශේෂඥයින් සඳහන් කරන්නේ
727 Views
Comments