කොරෝනා නිරෝධායනයට 7,500 අය කරයි

දකුණු කොරියාවේ, ඉතාලියේ සහ ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කොරෝනා නිරෝධායනය සඳහා මඩකළපු ශරියා විශ්වවිද්‍යාලයටත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයටත් යොමු කිරීමේදී ඔවුන්ගෙන් රුපියල් 7,500ක මුදලක් අය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ඔවුන්ගේ ආහාර සඳහා මෙම මුදල අය කරන බව පැවසෙන අතර පානීය ජලය ද ඔවුන් විසින් වෙනම මුදල් ගෙවා මිලදී ගතයුතුව ඇත.
දකුණු කොරියාවේ, ඉතාලියේ සහ ඉරානයේ සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් අතරින් සාතිශය බහුතරය යනු සැපගැනීමට ඒ රටවල් කරාගිය අය නොව අතිශය දුෂ්කර තත්වයන් යටතේ රැකියා කර ශ්‍රී ලංකාවට විදේශ විනිමය සැපයූ පුද්ගලයින් වේ. වසර ගණනාවක් පුරා මෙරටට එසේ විදෙස් විනිමය සැපයූ පුද්ගලයින්ගෙන් මෙවන් හදිසි ආපදා අවස්ථාවක මෙසේ මුදල් අයකර ගැනීමට කටයුතු කිරීම ලැජ්ජාවට කරුණකි.
මැතිවරණයක් ආසන්නයේදී ආණ්ඩුව කරන නාස්තිකාර වියදම්වලට සාපේක්ෂව බලන කල මේ ශ්‍රී ලාංකිකයින්ට ආහාර ලබාදීම සඳහා මහා භයානක මුදලක් වැය වන්නේ නැත.
විශේෂයෙන් කෝටි ගණන් මුදල් වැය කරමින් උසස් අධ්‍යාපනය සඳහා චීනයට ගොස් සිටි ඉහළ පවුල්වල සාමාජිකයින් විශේෂ ගුවන්යානා යවා නොමිලේම ගෙන්වාගෙන සියලු සැප පහසුකම් ලබාදුන් ආණ්ඩුවක් මෙසේ විදෙස් රැකියාවල නිරත වී සිටි සාමාන්‍ය ජනතාවගෙන් ආහාර සහ ජලය සඳහාත් මුදල් ඉල්ලීමෙන් ඔවුන් බෙදන්නාවූ හැඳි දෙක මනාව පෙන්නුම් කෙරේ.
ඡායාරූප උපුටා ගත්තේ මාධ්‍යවේදී චතුර අල්විස්ගේ ෆේස්බුක් පිටුවෙනි. මෙසේ මුදල් අයකිරීම සාධාරණ ක්‍රියාවක්දැයි ඔහු ද ප්‍රශ්න කර තිබිණි.
697 Views
Comments