පිල්ලෙයාන් බන්ධනාගාරයේ සිට මහ මැතිවරණයට සූදානම් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
10

පිල්ලෙයාන් බන්ධනාගාරයේ සිට මහ මැතිවරණයට සූදානම් වෙයි

පිල්ලෙයාන් බන්ධනාගාරයේ සිට මහ මැතිවරණයට සූදානම් වෙයි

එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර පළාතේ හිටපු සන්නද්ධ නායක‍යෙකු මෙන්ම, නැගෙනහිර පළාත් හිටපු මහ ඇමතිවරයෙකුද වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාද මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා සූදානමින් සිටී. ඒ ඔහු නායකත්වය දරන දෙමළ මහජන විමුක්ති කොටි (TMVP) පක්ෂයෙනි.

 

එම පක්ෂය මෙවර මහ මැතිවරණය සඳහා මඩකළපුව දිස්ත්‍රික්කයට පමණක් බෝට්ටුව ලකුණින් ඉදිරිපත් වන බව මැතිවරණ කොමිසම වෙත දන්වා තිබේ.

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ බවට චන්ද්‍රකාන්තන් මහතාට චෝදනා එල්ල වී ඇති අතර එම චෝදනා මත ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

 

රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී ඔහුට තරග කිරීම සඳහා අවස්ථාව තිබේද යන්න සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි TMVP පක්ෂයේ ලේකම් පූබාලසිංහම් ප්‍රශාන්තන් මහතා පවසන්නේ. ඔහුට මැතිවරණයට ඉදිරිපත් වීමට බාධාවක් නොමැති වුවහොත් මඩකළපුව දිස්ත්‍රික්කයෙන් තරග කරන බව ලේකම්වරයා පවසයි.

views

693 Views

Comments

arrow-up