විදේශීය වෙසක් කූඩු - සරුංගල් හා හඳුන්කුරු ආනයනය පාලනය කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
06

විදේශීය වෙසක් කූඩු - සරුංගල් හා හඳුන්කුරු ආනයනය පාලනය කෙරේ

විදේශීය වෙසක් කූඩු - සරුංගල් හා හඳුන්කුරු ආනයනය පාලනය කෙරේ

දේශීය වශයෙන් ගුණාත්මක බවින් ඉහළ හා තරගකාරි  ගෘහ කර්මාන්ත වන වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු ආනයනය නියාමනය කිරිමට පියවර ගෙන තිබෙනවා.

 

සුළු අපනයන භෝග වගාකරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ හා දිරිමත් කිරීමේ අරමුණින් මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති  සංවර්ධන අමාත්‍යවරයා  ලෙස අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාගේ  නියෝග පරිදි ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ  සිට ක්‍රියාත්මක වන පරිදි අති විශේෂ ගැසට් නිවේදන දෙකක් මගින් භාණ්ඩ කිහිපයක ආනයනය සීමා කිරිමට ගත්  පියවර මගින් මෙම තිරණය ගෙන තිබේ.‍

 

තවද කසළ හා කසළ පිරිසැකසුම් මෙන්ම ප්‍රතිචක්‍රීකරණයට  අදාළ කිසිදු ව්‍යාපෘතියක් සඳහා ද අවසර නොලැබෙනු ඇත. එමඟින් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ දේශීය අමුද්‍රව්‍ය  සමඟ  තත්ත්වයෙන් පහළ ආනයනික අමුද්‍රව්‍ය  කලවම් කර ප්‍රතිඅපනයක්  කිරිම වැළකෙනු ඇත.‍

 

අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍යවරයා  වශයෙන් මෙම පියවර ගෙන ඇත්තේ, ප්‍රමිතියකින්  තොරව සිදු කෙරෙන ප්‍රතිඅපනයනය  හේතුවෙන් අපනයන සන්නාමයක් වශයෙන්
ශ්‍රී ලංකාවට ඇති කීර්ති නාමයට සිදු වන හානිය වළක්වා ගැනීමේ අරමුණිනි.

views

816 Views

Comments

arrow-up