දඹුල්ලේ සියලුම පාසල් වැසෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
29

දඹුල්ලේ සියලුම පාසල් වැසෙයි

දඹුල්ලේ සියලුම පාසල් වැසෙයි

දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට‍ (30) සිට සතියක කාලයක් වසා තැබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කරයි 

“ අපි පෙරේදා දිනයේ දී පීසීආර් පරීක්ෂණ 200ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකළා. එයින් 3ක් පොසිටිව් වෙලා තිබුණා. කැෂියර් එකේ ඉන්න දෙන්නෙක් සහ එළවළු එකතු කරලා බෙදා හරින අතරමැදි අයෙක් තමයි ඒ අය අතරේ ඉන්නේ. එක්කෙනෙක් ගල්කිරියාගම, අනෙක් කෙනා එප්පාවල. නමුත් ව්‍යාපාර නිසා දඹුල්ලේ තමයි පදිංචිය. සියලු දෙනාව මේ කාරණය සම්බන්ධයෙන් දැනුවත් කරා. ඒ අනුව යුහුසුළුව නිරෝධායන කටයුතු සඳහා යොමුකරා. පීසීආර් පරීක්ෂණ කඩිනමින් කරන්න ඕනේ. අපිට ලොකු ප්‍රශ්නයක් ව්‍යාප්තිය සම්බන්ධයෙන්. ව්‍යාපරිකයින්, ගොවින් හා කම්කරු සංගමයක් ඉන්නවා. ඔවුන් සියලු දෙනාගේ දරුවන් පාසල් යනවා. ඔවුන් සමාජගත වෙලා ඉන්නේ. ඒ නිසා කොට්ඨාසයක් ලෙස දඹුල්ලේ සියලු පාසල් හෙට සිට දින 5ක් වසා තැබීමටත් ගලේවෙල ගල්කිරියාගම එක්කෙනෙක් පොසිටිව් වුණ නිසා ගල්කිරියාගම පාසලත් වසා දැමීමට ආණ්ඩුකාරවරයා හරහා කලාප අධ්‍යක්ෂතුමියට දැනුම් දුන්නා.“

 

views

745 Views

Comments

arrow-up