අරලියගහ මන්දිරය වසා දමා නෑ - අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

අරලියගහ මන්දිරය වසා දමා නෑ - අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී

අරලියගහ මන්දිරය වසා දමා නෑ - අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී

අරලියගහ මන්දිරය වසා දමා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව අග‍්‍රමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී යෝෂිත රාජපක්‍ෂ පවසනවා. 

 

සෞඛ්‍ය රීතීන්වලට අනුගත වෙමින් අරලියගහ මන්දිරයේ සියළු රාජකාරීන් සිදු කෙරෙනවා. එමෙන්ම එහි සිට කි‍්‍රයාත්මක කෙරෙන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කටයුතු ද එලෙසම පවත්වාගන යන බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

 

විෂබීජහරණය සිදුකරන අවස්ථාවේදී පමණක් පැය කිහිපයකට අරලියගහ මන්දිරය වසා තැබෙනවා. අරලියගහ මන්දිරයේ රාජකාරී සිදුකරන සියළු පිරිස් සෞඛ්‍ය ක‍්‍රමවේද යටතේ රාජකාරීවල නිරත වන බවයි අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී යෝෂිත රාජපක්‍ෂ පැවසුවේ. 

 

ඉකුත් දිනවලදී කොරෝනා වෛරසය ආසාදනය වූ අරලියගහ මන්දිරයට අනියුක්ත ආරක්‍ෂක නිලධාරීන් කඩිනමින් රෝහල්ගත කළ බවත් ඔවුන්ගේ ආශ‍්‍රිත නිලධාරීන් නිරෝධානයට යොමු කිරීමට කටයුතු කළ බවත් අග‍්‍රමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී යෝෂිත රාජපක්‍ෂ වැඩිදුරටත් ප‍්‍රකාශ කළා. 

 

- නෙත් නිවුස්

views

563 Views

Comments

arrow-up