ජනපති,අගමැති සහ ආර්යාවන් සිටින බව දැක්වෙන පින්තූරයක් බුකිය කළඹයි (PHOTOS)

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් මහා සංඝරත්නය සමඟ සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය කැළඹීමට ලක් කර තිබෙනවා.
ඒම ඡායාරූපයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අගමැති බිරිද ශිරන්ති රාජපක්ෂ සහ ඇමති චන්ද‍්‍රසේන යන අය පෙනී සිටියි.
ගිහි පිරිස අසුන් ගෙන ආහාර ගැනීමට සූදානම් වෙද්දී භික්‍ෂූන් වහන්සේලා පිරිසක්ද ඒ අසල හිටගෙන සිටිනු පින්තූරයෙන් දැක්වෙනවා.
මෙම රූපය රාජපක්ෂ විරෝධී පිරිස් විවේචනය කරමින් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් බෙදාහරින අතර රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට හිතවාදී හා අාණ්ඩුවට පක්ෂ පිරිස් චෝදනා කරන්නේ මෙය සංස්කරණය කර අන්තර්ජාලයට විපක්ෂය විසින්ම මුදා හැර තිබෙන බවයි.
දැන් දැන් ඒ ඡායාරූපයම භාවිත කරමින් විවිධ memes අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
සැලකිය යුතුයි : පහත ඡායාරූප අන්තර්ජාලයෙන් ලබාගත් ඒවායි
987 Views
Comments