දියවන්නා ඔයේ අනතුරින් මියගිය මසුන් ඇල්ලූ පුද්ගලයාටත් කොරෝනා

බත්තරමුල්ල අධි ආරක්‍ෂිත කලාපයට අයත් දියවන්නා ඔයේ ඉකුත් 11 වැනිදා මසුන් අල්ලමින් සිටියදී ඔරුව අනතුරට පත්වීමෙන් දියේ ගිලී මියගිය 26 හැවිරිදි දෙදරු පියාට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි කොළඹ ජාතික රෝහලේදී සිදුකළ PCR පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත.
මියගිය අයගේ බිරිඳ වන ශානි මධුවන්ති පවසන්නේ තම සැමියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තමන් පිළිනොගන්නා බවය.
මියගිය අයට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වූ බව ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛi නිලධාරී මනෝජ් මහතාද පැවැසීය.
ඒ අනුව මියගිය අයගේ පවුලේ සහ එම ආශ‍්‍රිතයන්ද නිරෝධායනය කළ බව වැඩිදුරටත් පැවැසීය.
761 Views
Comments