කොරෝනා මඩින්න දේශීය ඖෂධයක් අනුමත වෙයි (Video)

රට තුළ කොරෝනා මර්දනය සඳහා රජයේ රෝහල් තුළ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ එන සුදර්ශන පැණිය නවීකරණය කර භාවිතා කිරීම සම්බන්ධයෙන් අද (26) සෞඛ්‍ය අමත්‍යාංශය,ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය එකඟතාවකට පැමිණ තිබේ.
ඒ අනුව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව පැවති ඇති අතර එහිදී මෙම එකඟතාවට පැමිණි බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (26) රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසා සිටියේය. ශ්‍රී ජයවර්ධන පුර වෛද්‍ය පීඨයේ සහ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ආචාර්ය, මහාචාර්ය කාණ්ඩයමක් විසින් අදාළ පර්යේෂණය සිදුකර තිබේ.
මෙහිදී ආයුර්වේදයේ එන සුදර්ශන පැණිය කොරෝනා රෝගයට අදාළව භාවිතා කළ හැකි පරිදි නවීකරණය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. එම සියලු පරීක්ෂණ කටයුතු බටහිර වෛද්‍ය විද්‍යාව අනුව බැලූ විටත් සාර්ථක බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය. මෙම සාර්ථකත්වය මත ඉදිරියේදී මෙම පැණිය රජයේ රෝහල් තුළ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සඳහා ලබා දීමට කටයුතු සලස්වනු ඇත. එම සුදර්ශන පැණිය උණ රෝගය සඳහාත් ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහාත් යොදාගත හැකි බව බටහිර වෛද්‍ය විද්‍යාව අනුවත් පෙනී ගොස් තිබෙන බවද චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී. එමෙන්ම ඉදිරියේදී ආයුර්වේද රෝහල් තුළත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමටද තීරණය කර තිබේ.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ මෙම පර්යේෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු සියලුම සෞඛ්‍ය බලධාරීන් ඉතා හොඳ සහයක් ලබා දෙමින් තිබෙන අතර මෙම ඖෂධය දැනට කොරෝනා රෝගීන්ටත් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයටත් ලබා දී ප්‍රතිඵල සංසන්දනාත්මකව බලන බවය. රට තුළින් මෙම වෛරසය මර්දනය කිරීමට මෙය හොඳ ප්‍රවේශයක් වනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.. ඒ අනුව දේශීය ඖෂධ යොදාගෙන මෙවැනි වසංගත හමුවේ රට තුළ ඖෂධ නිපදවීමේ ක්‍රියාවලියක් දැන් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
960 Views
Comments