කොරෝනා දෙවැනි රැල්ලේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි - සමගි ජන බලවේගයෙන් නිවේදනයක්

කොරෝනා දෙවැනි රැල්ලෙන් රට ප්‍රපාතයට හෙළීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව සමගි ජන බලවේගය පවසයි. එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, මේ මොහොත වන විටත් රට ඇඳවැටී ඇති අතර අතිශය අඳුරු තත්ත්වයක පෙර නිමිති මතුව ඇති බවය.
කොරෝනා සමාජ ව්‍යාප්තිය මිනුවන්ගොඩට බැරකර ආණ්ඩුව කර අරිමින් සිටින අතර අද එහි ආනිසන්ස දුර්භාග්‍ය සම්පන්න ලෙස රටම භුක්ති විඳිමින් සිටින බව රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. කොරෝනා දෙවැනි රැල්ල ආරම්භවීම පිළිබඳව අද වන තෙක් ආණ්ඩුව නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති අතර එය තවදුරටත් ප්‍රසිද්ධ අභිරහසක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
බරපතළ ව්‍යවසනයකට රට තල්ලුකර තිබිය දී ආණ්ඩුව කිසිදු වගකීමකින් තොරව හැසිරිම සමගි ජන බලවේගය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
749 Views
Comments