නාවික සෙබලුන්ට වෛරසය ආසාදනය වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි

ආණ්ඩුව සූදානම් වන්නේ මන්ත්‍රීවරුන් රැස්කල බව ජනතාවට පෙන්වා තමන්ට අවශ්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.
සෙංකෝලය හෝ කතානායකවරයෙක් නොමැති අරලියගහ මන්දිරයේ දී මන්ත්‍රීවරුන් රැස්වීමෙන් කිසිඳු පළක් නොමැති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ආණ්ඩුව මේ යන ගමන වෙනස් නොකර ඒකාධිපතිවාදය දක්වා ගමන් කිරීමට සූදානම් වනවානම් තමන් ජනතාව වෙනුවෙන් පාරට බැසීමට සූදානම් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප්තිය හැකි ඉක්මනින් අවසන් කිරීමට හැකිව තිබියදීත් ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් එය සිදු කිරීමට නොහැකි වූ බවයි.
එමෙන්ම නාවික හමුදා නිලධාරීන්ට වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන්වන වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.
658 Views
Comments