දුම්රිය රියදුරන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවා - විමල්

දුම්රිය රියදුරන් විසින් දුම්රියේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවටත් ආණ්ඩුව එය වැළැක්වීම සඳහා දුම්රිය ආරක්ෂක නිලධාරීන් දුම්රිය තුළට යෙදවීම නිසා ඊට විරෝධය පාමින් දුම්රිය රියදුරන් දුම්රිය ප්‍රමාද කරමින් ධාවනය කරන බවටත් අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
"මේ රටේ දුම්රියෙන් ගමන් කරන රාජ්‍ය සේවකයින් අද කරන එක ප්‍රධාන චෝදනාවක් තමයි වෙනදාට වඩා දුම්රිය හෙමින් යන්නෙ, හැමදාම එන්නෙ පරක්කු කරලයි කියලා. මේක ගැන හොයලා බැලුවාම මේ ආණ්ඩුව ආවාට පස්සෙ දුම්රිය ආරක්ෂකයින් දුම්රිය ඇතුළට දාලා තියෙනවා, දුම්රියේ ආරක්ෂාව සඳහාත් මගීන්ගේ ආරක්ෂාව සඳහාත්. ඒකට විරුද්ධයි දුම්රිය රියදුරෝ.
හේතුව මොකද්ද ? දුම්රිය තමයි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට තියෙන ආරක්ෂිතම මාධ්‍ය. ඇයි ? දුම්රිය චෙක් වෙන්නෙ නෑනෙ කොහෙවත්. අතරමගින් පරීක්ෂා කිරීම් වෙන්නෙ නෑ. එතකොට මේ රටේ බොහෝ මත්ද්‍රව්‍ය එහාට මෙහාට ගෙනයාමට පාවිච්චි කරන ප්‍රධාන මාධ්‍යයක් තමයි දුම්රිය. ඒවා කරගන්න අමාරු වෙනවා දුම්රිය ආරක්ෂකයින් දුම්රිය ඇතුළට දැම්මාම. ඒක වුණාම අර ලැබෙන ගතමනාව, අර ප්‍රවාහන දීමනාව නැතිවෙනවා. ප්‍රවාහන දීමනාව නැති වෙච්චි එකේ කේන්තිය පිටකරන්න අර මගීන්ව හිතාමතාම හෙමින් දුම්රිය ධාවනය කරලා, ඒ මගීන්ව කෝප ගන්වනවා.
ඒ අතරතුරම, මංගල සමරවීර මහත්තයාගෙ ගෝලයෝ හැම දුම්රිය පෙට්ටියකට එකා ගානෙ ඉන්නවා, එයා පටන් ගන්නවා පෙට්ටිය ඇතුළෙ ඉඳන් ආණ්ඩුවට බනින්න. මේ ප්‍රමාදය . ඇත්තටම ප්‍රමාදය වෙන්නෙ වෙන කරණාවක් නිසා.
මේවා මේ රටේ මිනිස්සු දැනගන්න ඕනෙ. විෂය භාර ඇමතිතුමා කිව්වා, අනේ මට නම් ඕක කියන්න බෑ විමල් ඇමතිතුමා කියලා. මම කිව්වා මම ඉතිං ඕනෙ මරාළයක් කියන එක්කෙනෙක්, ඒ හින්දා මං ඕකත් කියන්නම් කියලා" යනුවෙනුයි අමාත්‍යවරයා සඳහන් කළේ.
විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) කොළඹදී පැවති ජාතික ව්‍යවසාය සංසදයේ සමුළුවේදීය.
775 Views
Comments