දිනක් තුළ සිදුකළ වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනයේ දී
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
28

දිනක් තුළ සිදුකළ වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනයේ දී

දිනක් තුළ සිදුකළ වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනයේ දී

දිනක් තුළ සිදුකළ වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනයේ දී සිදුකළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

 

ඊයේ දිනයේ දී සිදුකළ එම පරීක්ෂණ සංඛ්‍යාව 1,553 ක් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේ, ඊයේ දිනයේ මඩකලපුව ශික්ෂණ රෝහල තුළ ද PCR පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කළ බවයි. 

 

ඒ අනුව දිවයින් පුරා පරීක්ෂණාගාර 16 ක මේ වන විට PCR පරීක්ෂණ සිදු කරනු ලබන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

 

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල සමඟ එක්ව මෙම කටයුත්ත පුළුල් කිරීමට ඊයේ දිනයේ දී අගමැතිවරයා සමඟ සාකච්ඡා පැවති බවද පැවසු ඒ මහතා, ඉදිරියේ දී පේරාදෙණිය, ‍කැලණිය හා කොළඹ විශ්වවිද්‍යාලයන්හි පරීක්ෂණාගාර තුළ ද PCR පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය.

views

661 Views

Comments

arrow-up