මාළු වෙලෙන්දෙකුට කොරෝනා බව තහවුරුයි - පිලියන්දල ගමක් අවදානමේ !
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
21

මාළු වෙලෙන්දෙකුට කොරෝනා බව තහවුරුයි - පිලියන්දල ගමක් අවදානමේ !

මාළු වෙලෙන්දෙකුට කොරෝනා බව තහවුරුයි - පිලියන්දල ගමක් අවදානමේ !

පිලියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ පදිංචි 33 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙක් කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු  වීමෙන්  අනතුරුව මීට සුළු මොහොතකට පෙර අයිඩිඑච් රෝහලට ඇතුලත්  කළ බව පිළියන්දල  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී    වෛද්‍ය  ඉන්දික එල්ලාවල මහතා පැවසීය.



එම පුද්ගලයා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වූ ප්‍රථම රෝගියා බව වෛද්‍යවරයා කීය .



එම පුද්ගලයා කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමෙන් අනතුරුව අද සවස කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව  සිදු කළ පරීක්ෂණ වලදී ආසාදිතයෙකු බව අනාවරණය වූ බව වෛද්‍ය වරයා කීය .



අද දින දහවල්  එම  පුද්ගලයා  ආ ගිය බව කියන එම ප්‍රදේශයේම  නීතිඥවරියකුගේ නිවසක්  සහ ග්‍රාම සේවක වරයකුගේ නිවසක් ඇතුළු නිවාස 11 ක පුද්ගලයන් ස්වයං   නිරෝධානයට ලක් කළ බව එල්ලාවල මහතා වැඩි දුරටත් පැවසීය .

 

-ලංකාදීප 

views

830 Views

Comments

arrow-up