බඩ ඉරිඟු හා රට කජු ආනයනය නවත්වයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
06

බඩ ඉරිඟු හා රට කජු ආනයනය නවත්වයි

බඩ ඉරිඟු හා රට කජු ආනයනය නවත්වයි

බඩ ඉරිඟු සහ රටකජු ආනයනය කිරිම වහාම ක්‍රියාත්මක වන පරිදි ජනවාරි 15 දා සිට අත්හිටුවිමට රජය පියවර ගත් බව වාරිමාර්ග හා ග‍්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා අද (6) පැවසුවා.

 

ග‍්‍රාමීය ආර්ථීකය නඟා සිටුවීම සහ ගොවීන් ශක්තිමත් කිරිමේ අරමුණු කරගනිමින් රජය මේ තීරණය ගත් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.



රටේ වගාකළ හැකි කිසිදු ධාන්‍යයක් ආනයනය නොකිරිමට ඉදිරියේ දී රජය ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා බවත් ඔහු කියා සිටියා.



යම් හෙයකින් මෙම ධාන්‍ය වර්ගවල හිඟයක් ඇති වුවහොත් පමණක් එම ධාන්‍ය වර්ග ආනයන කිරීමට රජය පියවර ගන්නා බවත් අබේවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළා.

views

972 Views

Comments

arrow-up