මේ ඡන්දයට පක්ෂ වැය කළ මුදල්

පාර්ලිමේන්තු මැතිවරණයට සතියක කාලයක් ඉතිරිව තිබියදී සමගි ජන බලවේගය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් වැඩිම වියදමක් දැරූ දේශපාලන පක්ෂය ලෙස වාර්තාවන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය අනාවරණය කරනවා.
මේ අතර එම මධ්‍යස්ථානයට වාර්තා වී ඇති මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අතුරින් වැඩිම සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිවයි.
එම වාර්තාවන්ට අනුව සමගි ජන බලවේගය දැනට මුද්‍රිත මාධ්‍ය (පුවත්පත්) ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 6ක්, විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් මිලියන 168ක් සමාජීය මාධ්‍ය ප්‍රචාරණය වෙනුවෙන් මිලියන 2ක් සහ වෙනත් වියදම් ලෙස මිලියන 9ක් වශයෙන් රුපියල් මිලියන 185ක සමස්ත වියදමක් දරා තිබෙනවා.
එය දෙවන ස්ථානයට පත් පොදුජන පෙරමුණ නිල වශයෙන් අනාවරණය කර ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව එම පක්ෂය මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ වෙනත් වියදම් වශයෙන් පිළිවෙළින් රුපියල් මිලියන 19ක්, 107ක්, 5ක් සහ 20ක් ලෙස මිලියන 151ක මුදලක් වැයකර ඇති බව වාර්තා වනවා.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂය රුපියල් මිලියන 123ක් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැයකරමින් මෙම ලැයිස්තුවේ තෙවන තැනට පත්ව සිටිනවා.
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා ලැයිස්තුවේ පළමු තැන සිටින පොදුජන පෙරමුණට එරෙහිව පැමිණිලි 302ක් ලැබී ඇති අතර සමගි ජන බලවේගයට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 109කි. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයට එරෙහිව 43ක්ද ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට එරෙහිව 23ක්ද වශයෙන් පැමිණිලි ලැබී තිබෙනවා.
නිලනොවන ලෙස සලකා බලන කල මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස එක් එක් අපේක්ෂකයන් පෞද්ගලික වියදම් කර ඇති ධනය මෙන් සඳහන් මුදලට වඩා අතිමහත් බවද මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
767 Views
Comments