ගම්පහ භෞතික විද්‍යා ගුරුවරයෙක්ට කොරෝනා : 152 කට PCR පරීක්ෂණ කරයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ගම්පහ ප්‍රදේශයේ භෞතික විද්‍යා ගුරුවරයාගේ ආශ්‍රිතයින් 150 දෙනෙකු PCR පරීක්ෂණ සිදුකළ බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුභාස් සුබසිංහ පවසයි.
මෙම ගුරුවරයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 19 වෙනිදා තහවුරු වූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.
මිට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරුන් රැගෙන ගිය රියදුරෙකු ගෙන් මෙම ගුරුවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය සුභාස් සුබසිංහ ප්‍රකාශ කළේය.
මෙම ගුරුවරයා ගම්පහ ප්‍රදේශයේ විදුහලක ඉගැන්වීම් සිදුකර ඇති අතර ඔහු ළමුන්ට උපකාරක පංතිද පවත්වා ඇති බවට හෙළිව ඇති බව වෛද්‍ය සුභාස් සුබසිංහ ප්‍රකාශ කළේය.
එලෙස පාසැලේ එම ගුරුවරයාගේ ආශ්‍රිත ගුරුවරුන් හා ළමුන්ද , උපකාරක පංති පැවැත්වූ ළමුන් හා එම නිවෙස් වල ආශ්‍රිතයින් සොයා ගෙන ඔවුන්ව නිරෝධායනයට යොමු කළ බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළේය.
මෙම ගුරුවරයාගේ පාසැලේ ආශ්‍රිත ගුරුවරුන් හා ළමුන් 52ක් පමණ හා උපකාරක පංති ආශ්‍රිතයින් 100 දෙනෙකු සිටින බවත් ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදුකළ බවත් එම වාර්තා වල ප්‍රථිපල අනුව ඒ කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට හෙළිව ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
869 Views
Comments