මියෙන්න පෙර රාජ්‍ය බලය අල්ලනවා.. අද භික්‍ෂූන් හොරු රකින අකුණු සන්නායක වෙලා..
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
21

මියෙන්න පෙර රාජ්‍ය බලය අල්ලනවා.. අද භික්‍ෂූන් හොරු රකින අකුණු සන්නායක වෙලා..

මියෙන්න පෙර රාජ්‍ය බලය අල්ලනවා.. අද භික්‍ෂූන් හොරු රකින අකුණු සන්නායක වෙලා..

අද වන විට මෙරට භික්ෂූන් වහන්සේලා මුර දේවතාවුන් නොව පාර්ලිමේන්තුවේ හොරු රකින අකුණු සන්නායක වී ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

 

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මෙවර මැතිවරණය සඳහා තරග වදින උන්වහන්සේගේ නායකත්වයෙන් යුතු අපේ ජන බල පක්ෂයෙ කුරුණෑගල කාර්යාලය විවෘත කිරීමෙන් පසු පැවති ජන හමුවේදීය.

 

තමන් මිය යන්නට පෙර මෙරට රාජ්‍ය බලය අල්ලන බවත් එහෙම නොවුණොත් මේ රට අවසන් බවත් කී උන්වහන්සේ බෞද්ධ චින්තනයට අනුව මේ රට නැගිට්ටවන්න ට උවමනාය බවද කියා සිටියහ.

 

views

735 Views

Comments

arrow-up