විමල්ට දොළදුකක් ....
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

විමල්ට දොළදුකක් ....

විමල්ට දොළදුකක්  ....

මෙවර මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදී සිටින රනිල් වික්‍රමසිංහ මහතාත් සජිත් ප්‍රේමදාස මහතාත් ලබාගන්නා මනාප සංඛ්‍යාවට වඩා දෙගුණයක් මනාප ලබාගැනීමේ දොළදුකක් තමන්ට වැළඳී ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

 

එම දොළදුක සංසිඳුවීම තමන්ට තනියෙන් කළ නොහැකි බවත් එය සංසිඳුවීම ජනතාව විසින් කළයුතු දෙයක් බවත් පැවසූ ඒ මහතා එය සංසිඳවුවහොත් ලබෙන ප්‍රතිඵලය රටටම බවත් අවධාරණය කළේය. 

 

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ පෙරේදා (24) පැවති ප්‍රචාරණ රැළියක් අමතමිනි. 

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට සහ අගමැති ධුරයට පත්වීමට විමල් වීරවංශ මහතා අපේක්ෂා කරමින් සිටින බව දේශපාලන ලෝකය තුළ රහසක් නොවේ. ඒ වෙනුවෙන් මීට කාලයකට පෙර සිටම සිය ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා වෙනම වැඩසටහන් ආරම්භ කළ ඒ මහතා මෙවර මැතිවරණය වෙනුවෙන් ද "එකුන් විසි ප්‍රතිඥාව හෙවත් හෘද සාක්ෂියේ සමාජ ගිවිසුම" මැයෙන් වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශයක් ද එළිදැක්වූයේය. 

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන්ට නිර්දය විවේචන ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලද්දේ ද විමල් වීරවංශ මහතා විසිනි. ජනාධිපතිවරයා එම නිලධාරීන්ට ප්‍රසිද්ධියේ බැන වැදුණේ ඊට පසු සතියේදීය. 

 

 

 

 

 

 

 

views

627 Views

Comments

arrow-up