ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අකැපද?

රජයේ විශ්වවිද්‍යාල නිරන්ත අරගල කරන කාරණයක් ලෙස සැලකෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට ස්ථාපිත කිරීම කිරීම සැබැවින්ම මේ රටට නුසුදුසුද යන කාරණය මේ වන විට සැබෑවටම සංවාදයට ලක් කළ යුතු කාරණයක් බවට පත්වී තියෙනවා. ලංකාවේ ඉහළ පෙළේ වෛද්‍යවරුන්ගේ දූ පුතුන් විශාල පිරිසක් පිටරට වල වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනය ලබන බව රහසක් නොවේ. අද වන විට ලෝකයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධ සංකල්ප බොහෝ සෙයින් වෙනස්ව ගොස් තියෙනවා. බොහෝ දියුණු යැයි සම්මත සහ ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල් පවා උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින තම ආකල්ප වෙනස් කරගනිමින් සිටිනවා. එම රටවල රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හා සමගාමීව පෞද්ගලික විශ්ව විද්‍යාල සමූහයක් ද ක්‍රියාත්මක වෙමින් තියෙනවා.
ඇතැම් රටවල පෞද්ගලික විශ්ව විද්‍යාල ඒ ඒ රටවල් වල ධන උල්පතක් වී තිබෙනවා. හොඳම නිදසුන වන්නේ ඕස්ට්‍රේලියාවයි. එය වර්තමාන ලෝකයේ ඒක පුද්ගල ආදායම අතින් 13 වැනි ස්ථානයේ සිටින අතර එරට ආර්ථික ශක්තිය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය උපයන වාර්ෂික ආදායම ඩොලර් බිලියන 37 කට අධිකයි. පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ගෝලීය වශයෙන් හොඳම පිහිටීමක් ඇති ශ්‍රී ලංකාව පමණක් ඉහළ ප්‍රමිතියකින් යුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රට තුළ ක්‍රියාත්මක වීම නොගැලපෙන්නේ යැයි පැවසීම තේරුම් ගැනීම ඉතා අපහසු කාරණයක් වී තියෙනවා.
දිනෙන් දින ඉහළ යන විදේශගත වන දරුවන්ගේ ප්‍රමාණය සමඟ සැසඳීමේදී එතෙරට ඇදී යන්නේ අතිවිශාල ධනයක්. අපේ රටට පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට ඉදිරිපත් වන යෝජනා වලට පදනම් විරහිත ලෙස විරුද්ධ වනවාට වඩා එම විශ්වවිද්‍යාලවල තිබිය යුතු ප්‍රමිතිය සහ විශේෂයෙන් පෞද්ගලික වෛද්‍ය පීඨ වලට ශ්‍රී ලාංකික සිසුන් බඳවා ගැනීමේ දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශිත ප්‍රමිත අනුගමනය කරවීම සඳහා බලපෑම් කිරීම වඩාත් සුදුසු බව අද බොහෝ දෙනෙක් අනාවරණය කරන්නේ. මෙසේ කිරීම තුළින් රටට විදේශ විනිමය ඉපයිය හැකි අතර රටින් පිටට ගලා යන විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමේ අවස්ථාව උදා වනු ඇත. නමුත් මේ සියල්ල සිදු කළ යුත්තේ නිසි ප්‍රමිතියකට අනුව විශ්වවිද්‍යාල ඉදි කිරීමෙන් මිස උපාධි කඩ බිහි කිරීමෙන් නොවේ. අවසානයේ පෞද්ගලිකව හෝ දරුවන් වෙනුවෙන් ලබාදිය යුත්තේ ගුණාත්මක අධ්‍යාපන ක්රමවේදයකි. එය සමස්ත රටේම සංවර්ධනයට දායක වන්නක් විය යුතුයි.
by Dilki Shamani
Photo source : Internet
638 Views
Comments