තරඟ පාවාදීමේ චෝදනා ගැන වහා පියවරක් ගන්න - නාමල්

2011 ලෝක කුසලානය ඉන්දියාවට මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි චෝදනා ඉතා බරපතල බවයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, එය සියලු දෙනා බොහෝ සෙයින් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිරූපයට දැඩි හානියක් සිදු කරන බව ඔහුගේ මතය වනවා.
එබැවින් මේ සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙසත්, ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙසත් තමා අයි.සී.සී.යෙන් සහ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා සදහන් කළා.
570 Views
Comments