72 වන නිදහස අභිමානයෙන් සැමරීමට සියල්ල සූදානම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
03

72 වන නිදහස අභිමානයෙන් සැමරීමට සියල්ල සූදානම්

72 වන නිදහස අභිමානයෙන් සැමරීමට සියල්ල සූදානම්

ජාතික නිදහස් උළලේ අභිමානය තවදුරටත් වැඩි කිරීමේ අරමුණින් ති‍්‍රවිද හමුදාව ඇතුළු උත්තමාචාර පෙළපාලියට එක්වන පාර්ශව මේ වනවිටද නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයේ පෙර පුහුණුවීම්වල නිරත වෙමින් සිටිනවා.

 


මෙවර නිදහස් දින සැමරුම් උළලේ වියදම සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාගේද උපදෙස් මත චාම් අයුරින් උත්සවය සංවිධාන කරනු ඇති. 

 


ඒ සදහා සහභාගි වන ආරාධිත අමුත්තන් සංඛ්‍යාවද 2,500 කට සීමා කර තිබෙනවා. ඒ අතරට ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, විදේශ තානාපතිවරුන්ද අයත්. 

 


රාජ්‍ය කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සදහන් කළේ ඉකුත් වසරවලට සාපේක්‍ෂව මෙවර නිදහස් උළෙල වෙනුවෙන් වැය කරන මුදල අඩු බවයි.

 


මීට පෙර පැවති නිදහස් දින සැමරුම් උත්සවවල පැය 3කට අධික කාලයක් පැවති උත්තමාචාර පෙළපාලිය මෙවර පැය දෙකකට සීමා කර තිබෙනවා. 

 


මෙවර ජනාධිපතිවරයා සැමරුම් උත්සවයට කැඳවා ගෙන පැමිණෙන්නේ  අශ්වාරෝහකයින් නොමැතිව පෙර ගමන් රථවලින් පමණයි. 

 

views

1025 Views

Comments

arrow-up