JAN
27
ශ්‍රී ලංකාවේ පුරවැසියන් ජනාකීර්ණ නගරවල මුඛ ආවරණ පැළදිය යුතුද ?

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය නිවේදනයක් යොමුකරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් තවම පැන නැගී නොමැති බවයි. එම නිවේදනය පහතින්.
ඉහත නිවේදනය අනුව ඔවුන් කියා සිටින්නේ රෝගය වැලැක්වීමට පහත ක්‍රියා මාර්ග පිළිපදින ලෙසයි.
- අත් නිතර සබන් යොදා සේදීමෙන් හෝ (ඇල්කොහොල් හෑන්ඩ් රබ්) භාවිතයෙන් පිරිසිදු කරන්න.
- කහින විට හෝ කිවිසුම් යන විට අතේ වැලමිට ප්‍රදේශය පාවිච්චි කර මුඛය සහ නාසය ආවරණය කරගන්න. නැතිනම් tissue පාවිච්චි කර ඒවා ආරක්ෂිතව අපහරණය කරන්න.
- ඔබ පසුගිය සති දෙක ඇතුළත පිට රටකට ගොස් පැමිණියේ නම්, උණ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇත්නම් වහාම වෛද්‍ය අවධානය සඳහා යොමු වන්න. ඔබගේ ගමන් විස්තර වෛද්‍යවරයා සමග පවසන්න
එහෙත් කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි කියා සිටියේ කොළඹට ඇතුළු වීමේදී මුඛ ආවරණ යොදා ගැනීම වඩාත් යෝග්‍ය බවයි.
781 Views
Comments