‘‘හතේ අපේ පොත’’ ගැන නැවත විමසා බලන්න සූදානම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
31

‘‘හතේ අපේ පොත’’ ගැන නැවත විමසා බලන්න සූදානම්

 ‘‘හතේ අපේ පොත’’ ගැන නැවත විමසා බලන්න සූදානම්

මත භේදයට තුඩු දී ඇති ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් ‘‘හතේ අපේ පොත’’ පිළිබඳව යම් ගැටළුවක් වෙතොත්  නැවත විමසා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට සූදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසුවා. සෞඛ්‍ය අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය  එක්ව දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් විද්වතුන් විශේෂඥයන් සමඟ කාලයක සිට සාකච්ඡා කර අත්හදා බැලීම්  සහිතව ළමයින් සඳහා මෙම පොත ඉදිරිපත් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.



සංස්කෘතියට ගැලපෙන  ලෙස  දරුවන්ගේ  ලිංගික අධ්‍යාපනය  වෙනුවෙන්  ඉදිරියේදී විධිමත්  වැඩපිළවෙළක් සකස් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය  සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව සාකච්ඡා සිදුකරගෙන යන බවත්  ඔහු සඳහන් කළා. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ අද (30) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවැසුවා.


 
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියා.



      ‘‘මේ පොත එකවර ඉදිරිපත් කළ එකක් නෙමෙයි.  සෞඛ්‍ය අමාත්‍යාංශය,  අධ්‍යාපන අමාත්‍යංශය  අධීක්ෂණය යටතේ විද්වතුන්, විශේෂඥයන්  එක්ක කාලයක් තිස්සේ කතා කරලා අවසාන වශයෙන් ළමයින්ගේ ලිංගික අධ්‍යාපනය වෙනුවෙන්  අත්පොතක් ලෙස අපි මේ පොත ඉදිරිපත් කළා. 
 


ලිංගික අධ්‍යාපනය කියන එක යොවුන් වියේ අයට අත්‍යවශ්‍ය දෙයක්.  නමුත් අපේ සංස්කෘතික තත්වයන් තුළ එය ක‍්‍රියාත්මක කරන්න  අපහසු වෙලා තියෙනවා. අපේ සංස්කෘතික තත්වයන් තුළ ලිංගික අධ්‍යාපනය ලබාදීමේදී මෙවැනි ගැටළු මතුවෙන්න පුළුවන්.  ඒවා මඟ හරවා ගන්න සමහර විට අපිට යම්කිසි සමාලෝචනයක් සිදුකරන්න වෙනවා.


 
උදාහරණයක් විදියට අපේ තියෙන ගුරු ගෝල සම්බන්ධය සම්පූර්ණයෙන්ම වෙනස්.  පන්තියෙ  ගුරුවරුන් ළමයින්ගේ විනය බලනවා, අධ්‍යාපනය බලනවා. ඒ ගුරුවරියම  මේ ගැන කතා කරන්න ගත්තම ගුරු ගෝල සම්බන්ධයට යම්කිසි ගැටළුවක් ඇතිවෙයි කියලත් සමාජ කථිකාවක් තිබෙනවා.


 
ඒ නිසා පන්ති භාර ගුරුවරිය වෙනුවට  මේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සුදුසු වෙනත් පුද්ගලයන් යොදාගෙන දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ විශේෂ වැඩපිළිවෙල අපි සකස් කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යතුමිය සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ අපි මේ ගැන සාකච්ඡා කරගෙන යනවා’’ යැයිද ඔහු එහිදී පැවැසුවා.

 

views

741 Views

Comments

arrow-up