MCC ගිවිසුම අත්සන් කිරිම අත්හිටුයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
28

MCC ගිවිසුම අත්සන් කිරිම අත්හිටුයි

MCC ගිවිසුම අත්සන්  කිරිම අත්හිටුයි

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ජාතියේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගෙන අත්සන් තැබීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද(28) කොළඹ පැවැත් වෙන කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අහිතකර වගන්ති මෙම ගිවිසුම තුළ අන්තර් ගත වී ඇතැයි අතුරු කමිටුව විසින් කළ නිර්දේශ මත මෙම තීරණය ගත් බවයි.

 

ඒ අනුව මුලික  කරුණු කීපයක් පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇතැයි ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී පැවසීය‍.

1. විනිවිඳභාවයෙන් තොරව ප්‍රසිද්ධියේ මහජනතාවට දැන ගත හැකි ආකාරයෙන් අත්සන් කිරීමට කටයුතු නොකිරීම.

2. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ පවතින නීති පද්ධතියට අහිතකර වගන්ති මෙම ගිවිසුමේ අන්තර් ගත වි තිබීම.

3. ජාතික ආරක්ෂාවට හා ජාතික, ආර්ථික හා සමාජීය මෙන්ම සංස්කෘතික කටයුතුවලට අහිතකර බලපෑම් ගෙන දිය හැකි වගන්ති එහි ඇතුළත් වීම.

4.රටේ ස්වෛරීත්වය , ස්වාධීනත්වය හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් පැවතීම. 

මෙවැනි කරුණු කීපයක් හේතුවෙන් මෙම ගිවිසුම අත්සන් නොකිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව තීරණය කර ඇතැයි ද බන්දුල ගුණවර්ධන මහතා මෙහිදීපැවසීය.

 

මෙම ගිවිසුමේ ඇතිදේ හානි කර වගන්ති නොමැතිව මේ පිළිබඳව සාකච්ඡා කිරීමට වත්මන් ආණ්ඩුව සුදානම් බවත් පැවසු අමාත්‍යවරයා, මෙම ගිවිසුම ඇමෙරිකාව විසින් සකස් කර ඇති ගිවිසුමක් නොවන බවත් එය එක්සත් ජාතික පක්ෂයේ අභිමතය පරිදි සකස් කර ඇතැයි ද කියා සිටියේය.

 

මෙම ගිවිසුමේ ඇතැම් වගන්ති සංශෝධනයට ඇමෙරිකාව එකඟත්වය පළ කරන්නේ නම් ඒ අනුව මෙය ඉදිරියට සිදු කිරීමට ඕනෑම අවස්ථාවක සුදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

views

925 Views

Comments

arrow-up