කොරෝනා නිසා ලොවපුරා කොන්ඩම් හිඟයක්

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය හමුවේ මේ වන විට ලොව පුරා උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් හිඟයක් ඇතිවෙමින් පවතින බව ලොව විශාලතම උපත් පාලන කොපු නිෂ්පාදකයා පවසයි.
මැලේසියාවේ Karex Bhd යනු ගෝලීය වශයෙන් ගත් කල සෑම කොන්ඩම් පහෙන් එකක් නිපදවනු ලබන්නායි.කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය වැළක්වීම සඳහා මැලේසියානු රජය විසින් එරට ලොක්ඩවුන් කිරීමට ගත් තීරණය හේතුවෙන් දැනට සතියකට වැඩි කාලයක් පුරාවට Karex Bhd මැලේසියානු කර්මාන්තශාලා තුනෙහි එකදු උපත් පාලන කොපුවක් හෝ නිෂ්පාදනය කර නැත.
මේ හේතුවෙන් දැනටමත් කොන්ඩම් මිලියන 100 ක පමණ හිඟයක් ලොව පුරා ඇති වී තිබෙන බව රොයිටර් පුවත් සේවය පවසයි.
සාමාන්‍යයෙන් ඩියුරෙක්ස් වැනි වෙළඳ නාම මගින් ජාත්‍යන්තරව අලෙවි කරනු ලබන මෙම නිෂ්පාදිත, බ්‍රිතාන්‍යයේ NHS වැනි රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතිවලට සපයනු ලබයි.
එසේම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වැනි ආධාර වැඩසටහන් මගින් බෙදා හරිනු ලබන්නේ ද මෙම නිෂ්පාදිතයි.
කෙසේ වෙතත් තීරණාත්මක කර්මාන්ත සඳහා ලබා දුන් විශේෂ නිදහස් කිරීමක් යටතේ පසුගිය සිකුරාදා (27) සමාගමට නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබා දුන් නමුත් එහි සේවයේ යෙදෙන්නේ සමස්ත ශ්‍රම බලකායෙන් 50% ක් පමණක් බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් අනාවරණය කර සිටී.
866 Views
Comments