අරලියගහ මන්දිරේ තිබුණු රත්තරන් ටික හිටපු අය අරගෙන ගිහිල්ලා - අගමැති

අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ඒ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්වල පදිංචි 2500 කට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා ප්‍රකාශ කළේ පසුගිය කාලයේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හරහා අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඉඩම් වෙන් කළද ඒවා ඔවුන්ට නිසි පරිදි නොලැබුණු බවයි. ඇතැම් ඉඩම්වල වන්දි ගෙවීමට ද ජනතාවට සිදුව ඇති බවත් එවැනි වන්දි මුදල් කෝටි ගණනාවක් අධිකරණයේ තිබෙන බවත් අගමැතිවරයා පවසනවා.
මෙම උත්සවය පැවති ශාලාව සම්බන්ධයෙන් ද අගමැතිවරයා එහිදී අදහස් දැක්වීය.
අද මම සනතෝස වෙනවා මේ ශාලාවට ඔබ ගෙන්වලා ඔප්පු ප්‍රදානය සිදු කිරීමට හැකි වීම ගැන. මේ ශාලාව එදා හැදුවේ ලෝකයේ රටවල් ගණනාවක නායකයින් සහභාගී වූ උත්සවයක් සඳහායි. මේ ශාලාවේ තමයි රත්තරන් වැසිකිළි තියෙනවා කිව්වෙත්. මේක තමයි රත්තරන් තිබුණු මන්දිරය. නමුත් අද ඒ රත්තරන් ටික නැහැ. කට්ටිය යනකොට ඒවත් අරගෙන ගිහින්. මඩ ගහන්න ඕන වුණාම ඕනම කෙනෙකුට ඕනම දෙයකින් මඩගහන්න පුළුවන්.'
822 Views
Comments