යහපාලන ආණ්ඩුව රට පාවාදුන් ජිනීවා යෝජනාවලින් රජය ඉවත් වෙයි

පැවති යහපාලන රජය විසින් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග‍්‍රාහකත්වය දක්වන ලද 30-1 එක සහ 40-1 යෝජනා දෙකෙන් වහාම ඉවත් වීමට රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේ දී ඊයේ දින මේ සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පැවැති බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා විසින් කැඳවන ලද මෙම රැස්වීමට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම රජයේ මැති ඇමැතිවරුන් පිරිසක් ද සහභාගි වූ බව සදහන්.
පවත්නා දේශපාලන වාතාවරණය යටතේ ඉහත කී යෝජනා දෙක ක්‍රියාත්මක කිරීම වත්මන් රජයේ දේශපාලන ප්‍රතිපත්තිය හා නොගැළපෙන බැවින් එම යෝජනා දෙකෙන් ඉවත්වීමට රජය තීරණය කර තිබෙනවා.
යහපාලන ආණ්ඩුව 2015 සහ 2016 වසරවල මෙම යෝජනා දෙක ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කොට ඊට අනුග්‍රාහකත්වය ලබාදී ඇත.
මෙම යෝජනා පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයටවත් ඉදිරිපත් කොට අනුමැතිය ලබාගෙන නොතිබූ බව ඊයේ පැවැති සාකච්ඡාවේ දී අනාවරණය වී තිබෙනවා.
මෙම යෝජනා දෙක මගින් පොදුවේ අපේක්ෂා කර ලද්දේ පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අභිබවා යන පුළුල් ලෙස බලය බෙදාහැරීමකි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, යුද අපරාධ චෝදනා ලත් හමුදා සෙබළුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හා නඩු පැවරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ අතුරුදන්වූවන් සම්බන්ධ කාර්යාලයක් ස්ථාපිත කිරීම මෙම යෝජනා දෙකට ඇතුළත් වන කාර්යයන් වෙයි.
මෙම හේතු නිසා අදාළ යෝජනා දෙකෙන් රටට යහපතක් නොවන බැවින් ඉන් ඉවත්වීමට රජය තීරණය කර තිබෙන අතර, ලබන සතියේ දී විදේශ සබඳතා අමාත්‍යවරයා ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොස් රජයේ එම තීරණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට ද නියමිතයි.
ඊට පෙර එම ස්ථාවරය පාර්ලිමේන්තුවටත් කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කිරීමට නියමිතයි.
732 Views
Comments