ජනපති උපදෙසින් සෞදියේ අතරමංව සිටින ලාංකිකයින් මෙරටට ඉදිරි පැය 48 ඇතුලත ගෙන්වා ගැනීමේ මෙහෙයුමක් ඇරඹේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

ජනපති උපදෙසින් සෞදියේ අතරමංව සිටින ලාංකිකයින් මෙරටට ඉදිරි පැය 48 ඇතුලත ගෙන්වා ගැනීමේ මෙහෙයුමක් ඇරඹේ

ජනපති උපදෙසින් සෞදියේ අතරමංව සිටින ලාංකිකයින් මෙරටට ඉදිරි පැය 48 ඇතුලත ගෙන්වා ගැනීමේ මෙහෙයුමක් ඇරඹේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සෞදි අරාබියේ ආරක්ෂිත නිවාස 150ක පමණ අතරමංවී සිටිනු ලබන ශ්‍රී ලාංකිකයින් ඉදිරි පැය 48 ඇතුලත මෙරටට යළි ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කරන බවත් ඒ සඳහා හැකි ඉක්මනින් ගුවන් යානා දෙකක් එරටට පිටත් කර යැවීමට පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

 

යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවති රැස්වීමකදීය. එම රැස්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය සේවයේ ප්‍රධානින් රැසක් එක්ව සිටියා.

 

ත්‍රිවිධ හමුදාව විසින් කළමණාකරනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන සහ හෝටල් ඇතුළු ස්ථාන 72 ක මෙතෙක් සිදු කර ඇති නිරෝධායන ක්‍රියාපටිපාටිය අනුව එහි නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් ඉදිරි දින 02 ක තුලදී නැවත සිය නිවෙස් කරා පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව මෙම නිරෝධායන මධ්‍යස්ථාන තුලට විදේශ රටවල සිට මෙරටට ගෙන්වනු ලබන ශ්‍රමිකයින් සඳහා පහසුවෙන් භාවිතා කළ හැකි බවට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.

views

896 Views

Comments

arrow-up