පිටකොටුව හා කොටුවේ තොග කඩ දිනකට පැය 5ක් වැඩ

අත්‍යවශ්‍ය ආහාර තොග දිවයින පුරා බෙදා හැරීම සඳහා පිටකොටුව තොග වෙළෙඳසල් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මත දිනකට පැය පහ බැගින් විවෘත කර තැබීමට පියවර ගෙන තිබේ.
පිටකොටුව හා කොටුව පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරිනීතිය පනවා තිබුණද ඊයේ (27 වැනිදා) අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම ආරම්භ කර තිබෙනවා
පොලිසිය හා සෞඛ්‍ය අංශවල උපදෙස් මත භාණ්ඩ බෙදාහැරීමේදී අත්‍යවශ්‍ය සේවකයන් පමණක් ගෙන්වන අතර කරත්ත මගින් අත්‍යවශ්‍ය ආහාර මලු ප්‍රවාහනය තහනම් කර ඇති බවයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යාම සඳහා පිටකොටුවට පැමිණෙන ලොරිවල සිටින රියැදුරා හා රිය සහායක එකතුව ආහාර ද්‍රව්‍ය මලු පැටවීම සිදුකළ යුතු බවද ඔහු කියා සිටියේය. වෙළෙඳසල් සෑම දිනකම විෂබීජහරණයද කළ යුතුය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවශ්‍ය තරම් තොග පවතින බව ලේකම්වරයා අවධාරණය කර සිටියේය. පිටකොටුව ප්‍රදේශයේ තොග වෙළෙඳසල් 200ක් පමණ ඇත.
1890 Views
Comments