“ශ්‍රී ලංකාව සමඟ සබඳතා තර කර ගැනීමට බලාපොරොත්තු වනවා” – මයික් පොම්පියෝ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

“ශ්‍රී ලංකාව සමඟ සබඳතා තර කර ගැනීමට බලාපොරොත්තු වනවා” – මයික් පොම්පියෝ

“ශ්‍රී ලංකාව සමඟ සබඳතා තර කර ගැනීමට බලාපොරොත්තු වනවා” – මයික් පොම්පියෝ

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද රාත්‍රී 7.35ට විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණියා.

 

අද සවස සිය ඉන්දියානු සංචාරය නිමා කළ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා නවදිල්ලි නුවර සිට මෙරට දක්වා විශේෂ ගුවන් යානයක් මගින් පැමිණ තිබෙනවා.

 

සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. එම සටහන පහළින්;

 

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ටෙප්ලිට්ස්, ඔබගේ උණුසුම් පිළිගැනීමට ස්තූතියි. මාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව මා ඉතා උද්‍යෝගයකින් පසුවන අතර ශ්‍රී ලංකා රජය, ව්‍යාපාර සහ ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ අපගේ සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් සිදු කර ඇති කාර්‍ය භාරය පිළිබඳව මම ඉතා සතුටු වෙමි.මාගේ සංචාරයේ දී එම උත්සාහයන් වඩාත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

 

 

views

725 Views

Comments

arrow-up