පාරේ රේස් පදින්න ගිය යතුරුපැදිකරුවන් 24ක් පොලිස් අත්අඩංගුවට

මොරටුව ප්‍රදේශයේදී වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ මාරාන්තික අනතුරකින් පසුව පොලිසිය විසින් එවැනි වේගයෙන් ධාවනය යතුරුපැදි සහ මෝටර් රථ ධාවකයින් අත්අඩංගුවට ගැනීමට රටපුරා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඊයේ දිනයේදී එවැනි සංවිධානාත්මක යතුරුපැදි ධාවක කණ්ඩායමක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
යතුරුපැදිකරුවන් 24 දෙනෙකු එලෙස පොලිස් අත්අඩංගුවට ගෙනතිබෙන්නේ කිඹුලාවල මංසන්ධියේ සිට නව රෝහල පාරේ ධාවනය කිරීමට සැලසුම් කරමින් සිටියදී මෙම යතුරුපැදි හිමිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
793 Views
Comments