“ජනාධිපතිට, අගමැතිට සහ නීතිපතිට වැඩ පෙන්නන්න අවස්ථාවක් - කරුණා අම්මාන් වහාම අත් අඩංගුවට ගත යුතුයි..!”
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
22

“ජනාධිපතිට, අගමැතිට සහ නීතිපතිට වැඩ පෙන්නන්න අවස්ථාවක් - කරුණා අම්මාන් වහාම අත් අඩංගුවට ගත යුතුයි..!”

“ජනාධිපතිට, අගමැතිට සහ නීතිපතිට වැඩ පෙන්නන්න අවස්ථාවක්  -  කරුණා අම්මාන් වහාම අත් අඩංගුවට ගත යුතුයි..!”

සිංහල හමුදාවේ දහස් ගණනක් මරා දැමූ බවට ප්‍රසිද්ධියේ ම පිළිගත් කරුණා අම්මාන් වහාම අත් අඩංගුවට ගත යුතු බව, ඕමල්පෝ සෝභිත හිමියෝ පවසති.

 

ඒ අනුව, කරුණා අම්මාන් අත් අඩංගුවට ගැනීමේ ස්වර්ණමය අවස්ථාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබී ඇති බව, ඒ හිමියෝ යෝජනා කරති.

 

කරුණා අම්මාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර, නීතිපතිවරයාට ද වැඩ පෙන්විය හැකි බවයි උන්වහන්සේ පවසන්නේ.

 

පන්සලේ ගිනි අවියක් තිබුණා කියා චෝදනා කරමින්, ඌවතැන්නේ හාමුදුරුවෝ ජීවිතාන්තය දක්වා සිරගත කර ඇති බවත්, ආයුධ භාවිතා කරමින් දහස් ගණනක් ඝාතනය කර ඝාතකයෙකු නිදහසේ සිටින බවත් උන්වහන්සේ පවසති.

 

අගමැතිවරයා, ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා යන අය,වහාම ක්‍රියාත්මක වී කරුණා අම්මාන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු බවයි උන්වහන්සේ පවසන්නේ

 

views

750 Views

Comments

arrow-up