ඡන්දය කවදාද? මහින්ද දේශප්‍රිය මහතා අදහස් දක්වයි (VIDEO)

මැතිවරණය පවත්වන දිනය තීරණය කරනු ලබන්නේ අධිකරණ තීන්දුව ලැබීමෙන් පසුව බව මැතිවරන කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
අද (25) කොළඹදී පැවති මාධ්‍යය හමුවක් අමතමින් එම මහතා කියා සිටියේ අධිකරණ තීන්දුව ලෑබීමෙන් පසුව කරුණු 3ක් සලකා බලා මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කරන බවයි
පළමු කරුණ ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය සහ ජීවිත වලට අවධානමක් නොමැති කම සලකා බලන බවත් දෙවන කරුණ ලෙස මැතිවරණ කටයුතු අවසන් කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් කාලය පිළිබඳව මැතිවරන කොමිෂන් සභාවේ නිළධාරීන්ගේ මතයත් තෙවන කරුණ ලෙස සියලු දේශපාලන පක්ෂ වලට සම භූමියක තරඟ කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රචාරණ කටයුතු කීරීම සඳහා අවස්ථාවක් තිබේද යන්න සලකා බලන බව එම මහතා කියා සිටිනවා.
ඡන්දය කවදාදා ?ඡන්දය කවදාදා ? #lka #News1st
Posted by Newsfirst.lk on Monday, May 25, 2020
749 Views
Comments