"ස්වාධීන ජාතිකයක් ලෙස සියලූදෙනා එක්ව නැගී සිටිය යුතුයි"

බෙදුම්වාදී ත‍්‍රස්තවාදය ස්ථිර ලෙස පරාජය කොට රටට සාමයත්, සහජීවනයත් උදා කළ විරෝදාර රණවිරුවනට කෘතඥතාව පුද කෙරෙන රණවිරු දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කළා.
2009 මැයි මස 19 වැනිදා ජයග‍්‍රහණයෙන් අවසන් වූ සටන විසින් නියෝජනය කෙරෙන, සියලූ ජන කොටස්වල බලාපොරොත්තු යථාර්තයක් බවට පත්කිරීමට හැකිවීම රණවිරුවා උදෙසා කළ හැකි මහඟුතම උපහාරය බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට අත්කර දුන් පරාජය දේශයේ ස්වාධීනත්වය, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අපේක්ෂාවන්ගේ සංකේතයක් බවද එකී අභිලාෂයන් සාක්ෂාත් කරගත් පරිසරයක මෙවර රණවිරු සැමරුම සලකුණු කිරීමට හැකිවීම සතුටට කාරණයක් බවද එම නිවේදනයේ සඳහන්.
ලොව විනයගරුක හමුදාවක් ලෙස කීර්තියට පත් මෙරට සන්නද්ධ හමුදා නිලධාරීන්ගේ අභිමානයට සහ ගෞරවයට හානිකර බොහෝ දේ පසුගිය වකවානුවේදී සිදු වූ බවද සිහිපත් කරන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අවනීතිය වෙනුවට නීතියත්, අයුක්තිය වෙනුවට යුක්තියත්, අසාධාරණය වෙනුවට සාධාරණයත් තහවුරු කොට රණවිරුවා කළ කැපකිරීම්වලට ගෞරවය අත්කර දීම ජනතාවගේ අපේක්ෂාව වූ බවයි.
දිනාගත් නිදහස හා සාමය අර්ථවත් කිරීමට නම් ස්වාධීන ජාතියක් ලෙස සියළුදෙනා එක්ව නැගී සිටිය යුතු බවත්, ශක්තිමත් ජාතික ආර්ථියක් ගොඩනගන අතර රටේ ප‍්‍රතිලාභය පෙරටු කොට බාහිර ලෝකය සමග බද්ධ වෙමින් ඉලක්ක ජයගත යුතුව ඇති බවත් ජනාධීපතිවරයා අවධාරණය කර සිටිනවා.
කොවිඞ් වසංගතය වැනි බාධක පැමිණිය ද කිසිවිටෙකත් පසු ානාබසින බවද ජාතියේ අභිවෘද්ධිය අරමුණු කොටගත් සැලසුම්, සෞඛ්‍ය සේවය සහ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත‍්‍රණය විසින් අඛණ්ඩව ක‍්‍රියාත්මක කරනු ලබන බවද එහි සඳහන්. එමෙන්ම මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ සහ අනේකවිධ පරිත්‍යාග කළ රණවිරු ප‍්‍රජාවට ජනාධිපතිවරයා සිය ප‍්‍රණාමය පුද කර සිටිනවා.
887 Views
Comments