කළු ගඟේ ජල මට්ටම ඉහළට - ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක් !
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
19

කළු ගඟේ ජල මට්ටම ඉහළට - ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක් !

කළු ගඟේ ජල මට්ටම ඉහළට - ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක් !

කළු ගඟේ ඉහළ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, කිරිඇල්ල සහ ඇළපාත යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවලට මෙම අවදානම පවතින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

 

මේ හේතුවෙන් අදාල ප්‍රදේශවල ජනතාව පවතින තත්ත්වය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු වෙයි.

 

පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් මහ ගං වතුර තත්ත්වයක් ඇති විමේ අවදානමක් ද පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

views

836 Views

Comments

arrow-up