ජනපතිගෙන් නව වසරට සුභ පැතුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
01

ජනපතිගෙන් නව වසරට සුභ පැතුම්

ජනපතිගෙන් නව වසරට සුභ පැතුම්

නව වසර උදාව සමග ජන හදවත්වල ජනිත වූ නැවුම් බව, අළුත් රටක් ගොඩනගන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ පහසු කරනු ඇතැයි සිය දැඩි විශ්වාසය සහ ප‍්‍රාර්ථනය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

 


උදාවූ 2020 නව වසර සඳහා සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

 


"නව වසර උදාවූයේ සමස්ථ ශ‍්‍රී ලාංකේය ජනතාවම සිය මාතෘ භූමියෙහි ආර්ථික, දේශපාලන, සමාජයීය, සංස්කෘතික හා තාක්ෂණික යන සෑම ක්ෂේත‍්‍රයකම නව යුගයක් අපේක්ෂා කරන සමයකයි." නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාග්‍යයේ වසර ලෙස ඉතිහාසයට එක් කිරීමේ දැඩි අධිෂ්ඨානය සහ කැපවීම පෙරදැරව බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

 


"දේශියත්වයට මුල්තැන දෙන ශක්තිමත් ආර්ථිකයක් රටට අවශ්‍ය කර තිබෙනවා." ඉන් අප ස්වාධීනත්වය කරා තැබූ පියවර වඩාත් තහවුරු කරන බව සිය විශ්වාසය බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

 


නව රජය රටට ලෙංගතු ජනතාවගේ එකමුතුවේ ජයග‍්‍රහණයක් බවත් ජනතා අපේක්ෂාවන්ට  අකුල් හෙලීමට කුමන හෝ බලවේගයකට රටතුළ ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. 

 


උදාවූ නව වසර සමස්ථ ජනතාවටත් රටේ දරු පරපුරටත් ඉසුරුබර අනාගතයක් උරුම වන නව වසරක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුභපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.  

 

views

736 Views

Comments

arrow-up