17 හැවිරිදි පාසල් සිසුවෙක් ගෙල වැළලා ගනී

පිටිගල, පොරවගම ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙක් සිය නිවස පිටුපස කැලෑවක ගෙළ වැලලාගෙන මියගොස් සිටියදී සොයාගත් බව පිටිගල පොලිසිය පවසනවා.
මෙම සිසුවා පසුගිය 11වන දින රාත්‍රියේ තවත් මිතුරෙකු සමඟ තල්ගසවල ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටින අවස්ථාවේ පොලිස් නිලධාරින් යතුරුපැදිය නතර කරන ලෙසට සංඥාකර තිබෙනවා.
කෙසේ වෙතත් ඔවුන් එය නොනවත්වා ධාවනය කර ඇති ඇතර පසුව පොලිස් නිලධාරින්ට යතුරුපැදිය සහ එහි හිමිකරු සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඊයේ (14) මෙම සිසුවා නාගොඩ පොලිසිය වෙත කැඳවා ප්‍රකාශයක් ලබාගෙන, අනතුරුව බලපිටිය අධිකරණයට පැමිණෙන ලෙස දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ ඔහුගේ මවද පොලිසියට පැමිණ සිට ඇති අතර එහිදී ඇය පොලිසිය තුලදී සිසුවාට බැණ වැදී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ලැජ්ජාවට සහ බියට පත්ව සිසුවා මෙලෙස ගෙළ වැලලාගෙන සියදිවි හානි කරගන්නට ඇති බවට සැක කෙරෙන බවයි පොලිසිය පවසන්නේ.
පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සිසුවාගේ සිරුර ඇල්පිටිය රෝහලට යොමුකර ඇති අතර පිටිගල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.
828 Views
Comments