හුදෙකලා කළ ප්‍රදේශවල සිටින අත්‍යාවශ්‍ය සේවා සේවකයින්ට විශේෂ දැනුම් දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
08

හුදෙකලා කළ ප්‍රදේශවල සිටින අත්‍යාවශ්‍ය සේවා සේවකයින්ට විශේෂ දැනුම් දීමක්

හුදෙකලා කළ ප්‍රදේශවල සිටින අත්‍යාවශ්‍ය සේවා සේවකයින්ට විශේෂ දැනුම් දීමක්

හුදකලා කර තැබෙන ප්‍රදේශවල ඇති අත්‍යවශ්‍ය සේවා සැපයුම්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩල කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ට නිසි අවසර පත්‍ර ලබාගෙන එම ප්‍රදේශවලට ඇතුළු වීමට සහ ඉන් පිටවීමට අවසර හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

 

ඒ අනුව ඔවුන් ඇතුළුවීම සහ පිටවීම නිසි නිරෝධායන නීතිවලට අනුකූලව සිදුකළ යුතු බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

 

මෙම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා යන සියලු දෙනා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හා අපනයන සංවර්ධන මණ්ඩල කර්මාන්ත ශාලාවක සේවකයින්ට අදාළ විශේෂ අවසර පත්‍රය අදාළ පොලිස් ස්ථාන මගින් ලබා ගත හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

 

කෙසේ වුවත් අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා අදහස් පළකරමින් කියා සිටියේ අත්‍යාවශ්‍ය සේවා සඳහා දායකවන පුද්ගලයින්ට ද හුදකලා කළ ප්‍රදේශවලින් පිටතට යා නොහැකි බවයි.

views

787 Views

Comments

arrow-up