ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ටොන් 10ක් තෑගි

පවතින COVID-19 අර්බුදය සැලකිල්ලට ගනිමින් ඉන්දියාව විසින් අත්‍යවශ්‍ය ඖෂධ ටොන් 10 ක් ශ්‍රී ලංකා රජයට තෑගි කළා.
මෙම ඖෂධ ශ්‍රී ලංකා රජය විසින් මීට පෙර ඉල්ලා තිබුණා.
එයාර් ඉන්දියා විශේෂ ගුවන් යානයකින් මෙම තොගය ශ්‍රී ලංකාවට ගෙන ඒම සිදුවුණා.
මෙය ශ්‍රී ලංකාව සමඟ නිරතුරුව සිටින අසල්වැසි ඉන්දියාවේ නොසැලෙන කැපවීමේ තවත් ප්‍රකාශනයක් බවත් ස්වකීය දේශීය අභියෝග සහ අවහිරතා තිබියදීත්, ඉන්දියාව සැමවිටම විශ්වාස කරන්නේ තම සම්පත් හා විශේෂඥතාව තම මිතුරන් හා හවුල්කරුවන් සමඟ බෙදා ගැනීමට කටයුතු කරන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යයාලය සදහන් කරනවා.
I wish to convey my heartfelt appreciation to Hon PM @narendramodi, Govt & people of #India for your warm gesture in sending medicines to #LKA on a special chartered flight. Your kind & generous support is deeply appreciated in this hour of need #TogetherWeCan #COVID19 pic.twitter.com/XpcUw9xK6d
— Gotabaya Rajapaksa (@GotabayaR) April 7, 2020
802 Views
Comments