අකුරණ කොරෝනා රෝගියා ගිය තැන් සඟවයි.. ඒ අපේ ආගමේ හැටි යනුවෙන් කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
01

අකුරණ කොරෝනා රෝගියා ගිය තැන් සඟවයි.. ඒ අපේ ආගමේ හැටි යනුවෙන් කියයි

අකුරණ කොරෝනා රෝගියා ගිය තැන් සඟවයි.. ඒ අපේ ආගමේ හැටි යනුවෙන් කියයි

මහනුවර, අකුරණ ප්‍රදේශයේදී සොයාගත් කොරෝනා ආසාදිත රෝගියා සහභාගි වූවේ යැයි කියන දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් තිබූ නිවසක් සහ ඒ අවට තිබූ නිවාස හතක් සහ පුද්ගලයන් තිස් තුනක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිසිය කටයුතු කර තිබෙනවා.

 

මෙසේ ස්වයං නිරෝධායනයට ලක්කරනු ලැබුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යනු ලබන දඹුල්ල, නිකවටවන ප්‍ර‍දේශයේ පදිංචි ඒ.සී.එම්. ලෆීර් නමැති පුද්ගලයකුගේ නිවසක් බවත් එම නිවසේ පවුල් හතරක් ජීවත්වන බවත් ඒ සියලු දෙනාම නිරෝධායනයට ලක් කළ බවත් පොලිසිය සඳහන් කළා.

 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ දඹුල්ල පොලිසියේ නිලධාරීහු එම අවමඟුල් උත්සවය තිබූ නිවසට ගොස් එම කොරෝනා ආසාදිත පුද්ගලයාගේ ඡායාරූපයක් පෙන්වා නිවැසියන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් කියා සිටියේ එවැනි පුද්ගලයකු තම නිවසේ තිබූ අවමඟුල් උත්සවයට සහභාගි නොවූ බවත් එම පුද්ගලයාව කිසි දිනක දැන හඳුනාගෙන නොමැති බවයි.

 

නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ පොලිසියට තොරතුරු වාර්තා වී තිබුණේ කොරෝනා ආසාදිත එම පුද්ගලයා මෙම නිවසේ ඉකුත් 8 වැනිදා පැවති අවමඟුල් උත්සවයට සහභාගි වූ බවයි.

 

නමුත් සැක සහිත නිසා එම කොරෝනා ආසාදිත රෝගියා පැමිණියේ යැයි කියන අවමඟුල් උත්සවය පැවති නිවස සහ ඒ අවට නිවාස හතක් සහ පුද්ගලයන් තිස් තුන් දෙනකු මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බව සීගිරිය කලාප භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ. වසන්ත කුමාර මහතා සඳහන් කළා.

 

එසේම එම නිවස අවට නිවෙස්වලින් ප්‍රශ්න කිරීම්වලදී ඒ කිසිදු අයකු එම කොරෝනා ආසාදිත පුද්ගලයා පිළිබඳව තොරතුරු හෙළි කිරීමට අකමැත්තක් දැක්වූ බවත්, ඒ සියලු දෙනාම තොරතුරු වසන් කිරීමට උත්සාහ කළ බවත් සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කළා.

 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරින් මෙම නිවැසියන්ට තදින් අවධාරණය කරමින් කියා සිටියේ ඇත්ත තතු හෙළි නොකිරීම තමන්ට මෙන්ම මුළු රටටම කරන හානියක් බැවින් නිවැරදි තොරතුරු හෙළ කිරීම තමන්ගේ යුතුකමක් ලෙස සැලකිය යුතු බවයි.

 

එසේම ප්‍ර‍දේශවාසීන් කියා සිටියේ මෙම අවමඟුල් උත්සවයකට සහභාගි වූ කිහිප දෙනකුම මේ වනවිට රෝගී තත්ත්වයේ පසුවන බවත්, එසේ නිවැරදි තතු හෙළි නොකිරීම තම ආගමට අයත් වූවන්ගේ ගතියක් බවයි.

views

19535 Views

Comments

arrow-up