ඇඳිරි නීතිය ලිහිල් කළොත් භයානක තත්ත්වයක් - වෛද්‍යවරු පෙන්වාදෙති

රට තුළ නව කොරෝනා වෛරසය (COVID-19) ව්‍යාප්ත වීම නතර කිරීමට නම් විටින් විට ඇඳිරිනීතිය ලිහිල් කිරීමේ ක්‍රමවේදය වහාම නතර කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
විටින් විට ඇඳරිනිතිය ලිහිල් කරන ප්‍රදේශවල සමාජ දුරස්ථ භාවය සියයට 50 දක්වා පහත වැටෙන බැවින් එය ඉතා භයානක තත්ත්වයක් බව ද එම සංගමය සඳහන් කරයි.
සමාජ දුරස්ථ භාවය 80% දක්වා වර්ධනය කිරීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගත යුතු බව ද එම සංගමය අවධාරණය කරයි.
වසංගත විද්‍යානුකූල අනාවැකි අනුව ශ්‍රී ලංකාව තුල දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද, රෝගීන් උපරිමයෙන් වාර්තා වීම අප්‍රේල් මස අග දක්වා සිදු විය හැකි බව ද එම සංගමය කියයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව සඳහන් කරන්නේ. කොරෝනා වසංගතය පිළිබඳ සිය සංගමයේ නිරීක්ෂණ ඇතුළත් තත්ත්ව වාර්තාවක් අද (31) දහවල් නිකුත් කරමිනි.
සම්පූර්ණයෙන් හුදකලා කර ඇති ප්‍රදේශවල සමාජ දුරස්ථ භාවය සියයට 90කට වඩා වැඩි වීම ඉතා සතුටුදායක මට්ටමක පවතින බවත්, දැඩි අවධානම් ලෙස හඳුනා ගන්නා ලද ප්‍රදේශවල ඇඳිරිනීතිය ඉවත් නොකරන නිසා සමාජ දුරස්ථ භාවය සියයට 70කට වඩා වැඩි බවත් එම සංගමය කියයි.
සමාජ දුරස්ථ භාවය සියයට 80ට වඩා වැඩි මට්ටමක ශ්‍රී ලංකාව පුරා ඒකාකාරීව පවත්වාගෙන යෑමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගත යුතු බවත් එම සංගමය සඳහන් කරයි.
කොරෝනා රෝගීන්ගෙන් සියයට 80කට පමණ සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වන බවත්, එබැවින් ස්පර්ශකයින් හඳුනාගත්තද රෝගීන් හඳුනා ගැනීම මග හැරීමට ඉඩ ඇති බවත්, හඳුනා ගන්නා සියලු ස්පර්ශකයන් රසායනාගාර පර්යේෂණ සඳහා යොමු නොකරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ද පෙන්වා දී ඇති පරිදි සැක කරන සියලු දෙනා පරීක්ෂා කර ඔවුන්ට රෝගය වැළඳී ඇත්නම් ඔවුන් වෙන් කර තබා රෝගය පාලනය කිරීමට කටයුතු කළ යුතු බැවින් ලෝකයේ ක්‍රියාත්මක වන වෙනත් පරීක්ෂණ ක්‍රම හඳුන්වා දීමට ඇති හැකියාව සොයා බැලිය යුතු බව ද ඔවුහු පවසති.
726 Views
Comments