ශ්‍රී ලාංකික කාන්තාවකට කොරෝනා වෛරසය ඇත්දැයි ඉතාලි සෞඛ්‍ය අංශ පරීක්ෂණ පවත්වයි

ඉතාලියේ නැපල්ස් නුවර (Naples) අධික උණ සහ දැඩි ශ්වසන ආබාධ සහිත ශ්‍රී ලංකික කාන්තාවක් රෝහල් ගත කරීමෙන් පසු සෞඛ්‍ය අංශ සෝදිසියෙන් සිටින බව ඉතාලි මාධ්‍ය වාර්තා කරනවා.
63 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාව නැපල්ස්හි කොටුග්නෝ රෝහලට ඇතුළත් කර ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කරන්නේ.
චීන කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ පෙන්වන මෙම කාන්තාවට කොරෝනා වෛරසය ආසාධනය වී ඇත්ද යන්න පරීක්ෂා කරමින් සිටින බවයි වාර්තා වනවා.
සතියකට පෙර ඇය තම මව් රටේ සිට පැමිණි බවත් දින කිහිපයකට පෙර ඇය පළමු රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගත් බවත් සදහන්.
තත්වය නරක අතට හැරෙද්දී පවුලේ සාමාජිකයන් 118 (සෞඛ්‍ය අංශ) අමතන්න තීරණය කර තිබනෙවා.
කාන්තාවගේ නිවසට පැමිණි සෞඛ්‍ය සේවකයින්, රෝග ලක්ෂණ කොරෝනා වයිරසයට අනුරූප විය හැකි බව දැනගත් පසු, වහාම හුදකලා ස්ථානයක තබා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝගියා පිළිබඳ පරීක්ෂණවල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බවයි ඉතාලි මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ඉතාලි මාධ්‍ය වාර්තා
1532 Views
Comments