චීනයේ නව වෛරසයෙන් තෙවන මරණයත් වාර්තාවෙයි - සෞඛ්‍ය අමාත්‍යාංශයෙනුත් නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

චීනයේ නව වෛරසයෙන් තෙවන මරණයත් වාර්තාවෙයි - සෞඛ්‍ය අමාත්‍යාංශයෙනුත් නිවේදනයක්

චීනයේ නව වෛරසයෙන් තෙවන මරණයත් වාර්තාවෙයි - සෞඛ්‍ය අමාත්‍යාංශයෙනුත් නිවේදනයක්

මෙතෙක් විද්‍යාඥයන්ට හසු නොවූ 'අභිරහස් වෛරසයක්' චීනයේ වූඛාන් (Wuhan) නගරයෙන් වාර්තා වුණා.


පෙනහළු රෝග ඇති කරවන එම වෛරසය පුද්ගලයන් දහසකට අධික පිරිසකට මේ වන විට ආසාදනය වී තිබෙනවා. ‍

 

සීග්‍රයෙන් ව්‍යාප්ත වන නව වෙෙයිරසය ශරීරගත වූවන් ජපානයෙන් සහ තායිලන්තයෙන් මේවනවිට සොයා ගෙන තිබෙන අතර තෙවන මරණයත් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

 

තව කියවන්න : චීනයේ අභිරහස් වෛරසය සීග්‍රයෙන් පැතිරීමේ අවදානමක් - ආසාදිතයින් දහස ඉක්මවයි

 

පර්යේෂණවලින් අනතුරුව චීන බලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය නිගමනය කර ඇත්තේ මෙය කොරෝනා වෛරස ගණයට අයත් බවයි. නව  වෛරස රෝගය පිළිබද අවධානයෙන් පසුවන ලෙස ශ්‍රීලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය ද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

චීනයෙන් වාර්තා වූ නව කෙරෝනා වෛරසය හේතුවෙන් විදේශ ගමන් සදහා සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශකර තිබෙනවා. වර්තමාන තත්ත්වය අනුව ශ්‍රී ලාංකිකයින් ද තම විදෙස් ගමන් බිමන් සීමා කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

 

මෙරට සෞඛ්‍ය අංශ මෙම රෝග තත්ත්වය පිළිබදව දැඩි අවධානයෙන් පසුවන අතර එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් මෙරටට පැමිණෙන්නේදැයි හදුනා ගැනීම සදහා කටුණායක ගුවන් තොටුපොල සෞඛ්‍ය ඒකකය දැනුවත්කර තිබෙනවා.

 

මෙම රෝගය ඇතුළු ශ්වසන රෝග වලින් වැළකීම සදහා පහත සදහන් පියවර අනුගමනය කිරීම වඩාත් යෝග්‍ය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

 

කහිනවිට හා කිවිසුම් පිටකරනවිට ලේන්සුවකින් මුව ආවරණය කිරීම,  දෑත් නිතර සබන් යොදා පිරිසිදු කිරීම,  නිතර මුහුණ හා නාසය ඇල්ලීමෙන් වැළකී සිටීම හා ජනාකීර්ණ ස්ථානවල අනවශ්‍ය පරිදි ගැවසීම අවම කිරීම අත්‍යවශ්‍ය වනවා.

 

විශේෂයෙන්ම කුඩා දරුවන්,  ගර්භනී මව්වරුන් මෙන්ම වැඩිහිටියන් මේ පිළිබද වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බවයි සෞඛය නිලධාරීන් අවධාරණය කරන්නේ.

 

views

889 Views

Comments

arrow-up