“පිළිකාකාරක කිරිපිටි, බීම, නූඩ්ල්ස් විකුණා පිළිකා රෝහල් සාදා වැඩක් නෑ” - වෛද්‍යවරුන්ගෙන් ටොක්කක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

“පිළිකාකාරක කිරිපිටි, බීම, නූඩ්ල්ස් විකුණා පිළිකා රෝහල් සාදා වැඩක් නෑ” - වෛද්‍යවරුන්ගෙන් ටොක්කක්

“පිළිකාකාරක කිරිපිටි, බීම, නූඩ්ල්ස් විකුණා පිළිකා රෝහල් සාදා වැඩක් නෑ”  - වෛද්‍යවරුන්ගෙන් ටොක්කක්

ආනයනික කිරිපිටි හේතුවෙන් පිළිකා සෑදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා තහවුරු කර කියා සිටියදී පිළිකා රෝගීන් වෙනුවෙන් රෝහල් ඉදිකිරීමට වඩා ආනයනික කිරිපිටි ප‍්‍රචලිත කිරීමෙන් ඇතැම් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වැළකී සිටිනවා නම් එය රටේ ජනතාවට කරන විශාල සේවයක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා පවසනවා.

 


එවැනි සේවාවන් කළ ශ්‍රේෂ්ඨ ක‍්‍රීඩකයන් අපේ රටේ සිටි බව ද සොයිසා මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් දැක්වීම සිදුකළේය.

 


වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා,
“ආනයනික කිරිපිටිවලට එරෙහිව මතයක් ගෙන යන විට එම ආයතනවලින් යැපුන පිරිසට යම් ගැටලූවක් මතුවෙන්න පුළුවන්. අපිට මතකයි ගිය ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයා ආනයනික කිරිපිටි මනුෂ්‍ය ශරීරයට හොඳයි කියන්න පෝය දවසක මාධ්‍ය හමුවක් පවත්වලා රටට ප‍්‍රකාශ කළා.

 


අපේ රටේ දිනපතා බෝ නොවන රෝග විශාල ලෙස වැඩිවෙමින් පවතිනවා. මේකට ප‍්‍රධාන හේතුවක් තමයි ආනයනික කිරිපිටි පානය කිරීම.

 


නවසීලන්තයේ දියර කිරි නිෂ්පාදනය 2018 වසරේ ලීටර් ලක්‍ෂ 22,150,000 ක්. ඒ රටේ පරිභෝජනය 21,940,000 ක් ඒ රටේ කිරිපිටි ලෙස 1,420,000 ක් නිපදවා 24,000 ක් පරිභෝජනය කරනවා. එවැනි තත්ත්වයක් තුළ අපේ රටට අවශ්‍ය කරන ගුණදායක කිරිපිටි එවන්න පුළුවන්ද කියල හිතල බලන්න.
අපේ සමහර ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ ආනයනික කිරිපිටි ප‍්‍රවර්ධන වැඩසටහන්වලට පෙනී සිටිනවා. මේ අය මේවා සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් ලබාගෙන කරනවාද කියන්න දන්නේ නැහැ.

 


අපි මේ අයට කියන්න කැමතියි ආනයනික කිරිපිටි නිසා පිළිකා ඇතුළු රෝග 21 ක් හැදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප‍්‍රකාශ කරලා තියෙනවා. අපි මේ අයට කියනවා පා ගමන් ගිහින් පිළිකා රෝහල් හදනවාට වඩා ජනතාවට පිළිකා හැදෙන කිරිපිටි ප‍්‍රචාරය කිරීමෙන් වැළකීම රටේ ජනතාවට කරන සේවයක් කියලා.

 


මේ ආකාරයෙන් තවත් ක‍්‍රීඩකයෙක් නූඞ්ල්ස් ප‍්‍රචාරය කරන වැඩසටහනකටත් පෙනී සිටිනවා. මේ අය කරන්නේ රටේ ජනතාවට බෝ නොවන රෝගවලට ගොදුරුවන ලෙස කරන ආරාධනාවන් ලෙසයි අපි දකින්නේ.
මෙවැනි ප‍්‍රචාරක කටයුතුවලින් වැළකී සිටිය ශ්‍රේෂ්ඨ ක‍්‍රීඩකයන් අපේ රටේ සිටිනවා. ඒ අය රට වෙනුවෙන් ලබාගත් කීර්තිය අවභාවිතයට නොගත් අය ලෙසයි අපි දකින්නේ.

 


ලෝකයේ කිරිපිටි ආනයනය කරන රටවල් අතරින් අපේ රට සිවුවැනි ස්ථානයේ සිටින්නේ. කිරිපිටි ආනයනයට වර්ෂයකට රුපියල් බිලියන 57 ක් වැයකරන විට අපේ රටේ අධ්‍යාපනයට වැය කරන්නේ රුපියල් බිලියන 53.54 ක් වැඩි අඩු මුදලක්.”

 

views

693 Views

Comments

arrow-up